අපරාධවල වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ ජාතික අධිකාරිය සඳහා නව නිලධාරි මණ්ඩලයක් පත් කර තිබේ.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර විසින් මෙම නව පත්වීම් සඳහා වන ලිපි, පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (10) ප්‍රදානය කරන ලදී.
මෙම නව පත් කිරීම් අනුව, අධිකාරියේ නව සභාපතිවරයා ලෙස විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු ඩබ්ලිව්. ඒ. කලුආරච්චි පත් කර ඇත.
අධිකාරියේ සෙසු සාමාජිකයින් ලෙස ජේ. කේ. මහල්පත්, වෛද්‍ය යූ. ඒ. කේ. තෙන්නකෝන්, එස්. සෙල්ලතම්බි, සහ වෛද්‍ය එන්. ප්‍රනාන්දු යන වෘත්තීයවේදීන් පත්කර තිබේ.