විදේශයක සැඟවී සිට මෙරට මත්ද්‍රව්‍ය ජාලයක් මෙහෙයවන ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවෙකුගේ දකුණු පළාතේ ප්‍රධාන සහායකයා, ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, ඩුබායිහි සැඟවී සිටින ‘හයිබ්‍රිඩ් සුරංග’ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ ප්‍රධාන මෙහෙයුම්කරුවෙකු වන රමේෂ් කුමාර නැමැත්තාය.
සැකකරු ගාල්ල, බෝපේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, එම අවස්ථාවේදී ඔහු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 100යි මිලිග්‍රෑම් 45ක් පොලිස් භාරයට ගෙන ඇත.
මොහු මීට පෙර මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටි අයෙකු මෙන්ම, වෙනත් මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් ඇප මත නිදහස්ව සිටි අයෙකු බවද පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු, රැඳවුම් නියෝග මත තබාගෙන වැඩිදුර විමර්ශන සිදුකරන බව ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කරයි.