ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින්, බස් රියදුරුවරියන් සහ කොන්දොස්තරවරියන් බඳවා ගැනීමට රජය තීරණය කර ඇති බවත්, එම බඳවාගැනීම් ලබන නොවැම්බර් මස අවසානයේදී සිදුකරන බවත් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද (08) ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ, සිය අමාත්‍යාංශයට අදාළ පරිපූරක ඇස්තමේන්තුව පිළිබඳ විවාදය ආරම්භ කරමිනි.
පොදු ප්‍රවාහන සේවය නවීකරණය කිරීමේ පියවර රැසක් පිළිබඳව මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, “මෙට්‍රෝ බස් සේවයද අපි ආරම්භ කරනවා. බස් ටිකට් එකෙන් ‘මාටියා ගැසීම’ ප්‍රසිද්ධ දෙයක්. ඒ නිසා කාඩ් ගෙවීම් ක්‍රමයක් හඳුන්වා දෙන ලෙස දිගුකාලීන ඉල්ලීමක් තිබුණා. නොවැම්බර් 30 වන විට, දැනට භාවිත කරන බස් ටිකට් යන්ත්‍ර හරහාම බැංකු කාඩ්පත් මගින් ගෙවීම් කිරීමට පහසුකම් සලසනවා,” යනුවෙන් පැවසීය.
තවමත් රටේ පොදු මගී ප්‍රවාහනය නරක තත්ත්වයක පවතින බව පිළිගත් අමාත්‍යවරයා, එම ගැටලු විසඳා, මගීන්ට ගුණාත්මක සේවාවක් ලබාදීම සඳහා සියලු පාර්ශ්වවල සහයෝගය අපේක්ෂා කරන බවද වැඩිදුරටත් කියා සිටියේය.