හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කළ නෙවිල් වන්නිආරච්චි මහතා, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (02) දින එම කොමිසම වෙත පැමිණි අවස්ථාවේදී ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
වන්නිආරච්චි මහතා, හිටපු ජනාධිපතිවරයාගේ දීර්ඝකාලීන සහ විශ්වාසවන්තම ආරක්ෂක නිලධාරියෙකු ලෙස ප්‍රකටය. ඔහුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.