විදුලිබල ක්ෂේත්රයේ පවතින දරාගත නොහැකි අකාර්යක්ෂමතාවට සහ එකතැන පල්වීමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ කලක් තිස්සේ පවතින නිලධාරිවාදී ආයතන ව්‍යුහය බව පෙන්වා දෙන බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා, එම ව්‍යුහයන් වෙනස් කර දක්ෂ සහ විශේෂඥ දැනුම ඇති පුද්ගලයන්ට ක්ෂේත්රය තුළ නව අවස්ථා ලබා දිය යුතු බව අවධාරණය කරයි.
වෘත්තියෙන් විදුලි ඉංජිනේරුවෙකු ලෙස තමන් මෙය දැඩිව විශ්වාස කරන බවද අමාත්‍යවරයා පැවසීය.
බත්තරමුල්ලේදී ඊයේ (25) පැවති, වායුසමීකරණ යන්ත්‍ර සඳහා බලශක්ති කාර්යක්ෂමතා ලේබලයක් හඳුන්වා දීමේ වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
මෑතකදී තමන් සිදුකළ ඉන්දීය සංචාරය පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා, “විදුලිබල ක්ෂේත්රයේ ඔවුන් ලබා ඇති දියුණුව ඉතා ඉහළයි. ඊට ඔවුන්ගේ පරිපාලන ව්‍යුහයන් විශාල වශයෙන් ඉවහල් වී තිබෙනවා. එබැවින්, අපේ රටේද විදුලිබල ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් ක්ෂේත්රයේ වර්ධනයට කටයුතු කරනවා,” යනුවෙන් පැවසීය.
ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් සංවිධානය කළ මෙම වැඩසටහනේ අරමුණ, බලශක්ති කාර්යක්ෂමතාවෙන් යුතු උපකරණ භාවිතය ප්‍රවර්ධනය කිරීම තුළින් ජාතික විදුලි ඉල්ලුම කළමනාකරණය කරගැනීම සහ පොසිල ඉන්ධන භාවිතය අවම කිරීමයි.