2021 වසරේ සිට 2025 වසර දක්වා කාලය තුළ විශ්‍රාමික ජනාධිපතිවරුන් සහ වැන්දඹු භාර්යාවන් සඳහා රජය විසින් දරන ලද වියදම් පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කර තිබේ.

එම වාර්තාවට අනුව, 2021 වසරේදී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය වෙනුවෙන් රු. 4,166,033ක් ද, මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් රු. 16,758,834ක් ද, ප්‍රේමදාස මහත්මිය වෙනුවෙන් රු. 2,491,245ක් ද වැයවී ඇත.

2022 වසරේදී මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් රු. 42,764,859ක් ද, මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් රු. 18,899,219ක් ද, ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් රු. 6,791,947ක් ද වැය වී තිබේ.

2023 වසරේදී එම පිරිස සඳහා පිළිවෙළින් රු. 18,065,972ක්, රු. 28,120,012ක්, රු. 22,565,519ක්, රු. 18,970,029ක් සහ රු. 8,087,062ක් ලෙස වියදම් සටහන්ව ඇත.

එමෙන්ම 2024 වසරේදී මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් රු. 61,664,936ක මුදලක්, මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් රු. 18,569,418ක මුදලක් සහ රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් රු. 2,530,457ක මුදලක් වැය වී තිබේ.

2025 ජනවාරි 1 වනදා සිට ජුනි 30 දක්වා කාලය තුළ එම වියදම් පිළිවෙළින් රු. 1,219,655ක්, රු. 5,999,308ක්, රු. 4,906,833ක්, රු. 4,153,987ක්, රු. 15,981,862ක් සහ රු. 741,810ක් ලෙස වාර්තා වේ.

මේ අතර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ විජේරාමයේ පිහිටි නිල නිවසේ අලුත්වැඩියා සඳහා 2021 සිට 2023 දක්වා කාලය තුළ අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් රු. 472,529,073ක මුදලක් වැය කර ඇත. 2023 වසරේදී එම නිල නිවසේ අලුත්වැඩියා කටයුතු සඳහා ජනාධිපති කාර්යාලය දරා ඇති වියදම රු. 37,561,165කි.

ඒ අනුව, එම කාල සීමාව තුළ පමණක් හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේ අලුත්වැඩියා සඳහා දරා ඇති මුළු වියදම රු. 510,090,238ක් බව වාර්තා වේ.