හිටපු අමාත්‍යවරයකු වන නිමල් ලන්සා මහතා කොච්චිකඩේ පොලිසිය විසින් අද දහවල් අත්අඩංගුවට ගනු ලැබීය.
2006 වසරේ සිදුවූ නිවසකට කඩා වැදී පහරදී දේපළ හානි කිරීමෙ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩුවක් සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදු වී ඇත.
අදාළ නඩුව අධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේ දී හිටපු ඇමැතිවරයා ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන නැති බව අනාවරණය වීමෙන් පසු අධිකරණ නියෝග මත කොච්චිකඩේ පොලිසිය මගින් හිටපු ඇමතිවරයා පොලිසියට කැඳවා අත්අඩංගුවට ගෙන ඇත.
ලංසා අද පස්වරුවේ මීගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.