ණවිරු දඩයමට සහ වෘත්තිය සමිති මර්දනයට එරෙහිව පෙළගැසෙන්නැයි සියලුම රණවිරුවන්ට, වෘත්තිය සමිතිවලට, රාජ්‍ය සේවකයින්ට හා ජාතික බලවේගවලට පවසන බව පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

රණවිරුවන් දඩයම් කිරීමට තමා සම්පූර්ණයෙන්ම විරුද්ධ බව ද ඔහු කියා සිටියි.

රණවිරුවන් දඩයම් කිරීමත් වෘත්තිය සමිතිවලට බලපෑම් කිරීම හා මර්දනය කිරීමට රජය අසාර්ථක උත්සාහයක නිරත වන බව ද නාමල් රාජපක්ෂ පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (28) දින නෙළුම් මාවතේ වෘත්තිය සමිති මුණගැසුණු අවථාවකදීය.

”මේ රජය කරන්නේ සංවර්ධනය නොව මර්ධනයයි”

විශේෂයෙන්ම වර්තමානයෙහි ආණ්ඩුව සිදු කරන්නේ සංවර්ධනය නොව මර්ධනය බවද නාමල් රාජපක්ෂ එහිදී පැවසීය.

ආණ්ඩුව සිදු කරන මේ මර්ධනයන්ට මුහුණදීමට තමන් හොද සූදානමකින් පසුවන බවත් නාමල් රාජපක්ෂ අවධාරණය කර සිටියේය.