වත්මන් රජය වසර පහකට පමණක් බලයට පැමිණි රජයක් නොවන බවත් ඉදිරියේදී තවත් දීර්ඝ කාලයක් මෙරට පාලනය කිරීමට බලාපොරොත්තු වන බවත් මාලිමා ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් පවසයි.
එමෙන්ම රටේ සැබෑ සමාජ, ආර්ථික සහ දේශපාලන පරිවර්තනයන් සිදුවන්නේ වසර 10-15 කට පසුව බවත් දැනට එය ආරම්භ වී ඇති බව පමණක් සඳහන් කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, මෙය සංක්‍රාන්ති සමයක් බව ද අවධාරණය කළේය.
මහජන කැමැත්තෙන් සහ ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දයෙන් තේරී පත් වූ මෙම රජය, ඉදිරි වසර පහ, දහය පමණක් නොව කාලයක් රට පාලනය කරන බව ඔහු පැවසීය.
ඔහු මෙම අදහස් පළ කරනු ලැබුවේ උත්සව සභාවක් අමතමිනි.
මෙම සංක්‍රාන්ති සමයට බිය වූ පුද්ගලයන් සහ පාලකයන් විසින්, ලෝකයේ දැවැන්ත සමාජ, කාර්මික සහ තාක්ෂණික විප්ලවයන් සිදුවන විට, ශ්‍රී ලංකාව වසර 76ක් පුරා අඳුරු යුගයක තැබූ බවද නියෝජ්‍ය අමාත්‍යවර තවදුරටත් පැවසීය.
”ලංකාවේ ආර්ථික වර්ධනය 8.3%යි.. ”
අද වන විට මෙරට විදේශ වත්කම් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 6.5ක් බව නිවාස නියෝජ්‍ය ඇමති ටී.බී. සරත් සඳහන් කරයි.
නමුත් වර්තමාන ආණ්ඩුව බලය ලබා ගනිද්දී ඇමරිකානු ඩොලර් තුනක්වත් වියදම් කිරීමට හැකි මුදල් නොතිබූ බවත් හෙතෙම කියා සිටී.
අද වන විට මෙරට ආර්ථික වර්ධන වේගය 8.3%ක් අත්පත් කර ඇති බවත් හෙතෙම කියා සිටී.
ඒ ආකාරයෙන් සෑම ක්ෂේත්‍රයකම දියුණුවක් අත්පත් කර ගනිමින් ඇති බවද ඔහු අවධාරණය කර සිටියි
(මුලාශ්‍රය – ඇත්ත පුවත්පතින් )