දේශීය ආදායම් මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමයේ ලේකම් ජේ.ටි. චන්දන මහතා පවසන්නේ මෙරට වාහන ආනයන කිරීමේදී 1500cc අඩු දාරිතාව යටතේ ඇති වාහන ගෙන්වීමට සහන ලබාදෙන ලෙසයි.

ලේකම්වරයා මේ බව පැවසුවේ ඊයේ (08) පැවති මාධ්‍ය හමුවක් පවත්වමින්.

වැඩිදුරටත් ඔහු කියා සිටින්නේ එම දාරිතාවට වඩා ඉහළ වාහන ආනයනය කිරීමෙන් වැඩි විදේශ විනිමය ප්‍රමාණයත් පිටසට ගලා යන බවයි.

මේ හේතුවෙන් 1500cc අඩු දාරිතාව ඇති වාහන ආනයනය සඳහා බදු සහන ලබා දෙන්නේ නම් ජනතාව සහ ව්‍යාපාර එවැනි වානා ආනයනය කිරීමට පෙළඹෙන බවත් ඒ තුළින් විශාල ලෙස විදේශ විනිමය ප්‍රමාණයක් පිටතට ගලා යාම අවම කළ හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේය.