බඩ ඉරිඟු බීජ බේදා හැරීමේදී දුෂණයක් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන මහතා අල්ලස් කොමිසම විසින්  අද(04) සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.‍

2015 ජනාධිපතිවරණ සමයේ රුපියල් කෝටි 2 1/2ක් පමණ වටිනා බඩඉරිඟු බීජ තොගයක් සිය හිතවතුන්ට බෙදාදුන් බව කියන සිද්ධියකට අදාළව අල්ලස් කොමිසම කළ විමර්ශණයකට අදාළව ප්‍රකාශයක් දීම සඳහා කොමිසමට පැමිණි අවස්ථාවේදී ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තාවේ.

අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා අද පස්වරුවේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තාවේ.