හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පවුලේ සාමාජිකයන් අද (19) අල්ලස් කොමිසම වෙත පැමිණ තිබේ. ඔහුගේ බෑනා, ලේලිය සහ තවත් දියණියක් මේ අතර ගොස් තිබේ.
ඊයේ (18) දිනයේ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ සහ දියණියක් ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිව තිබුණි. ඒ අනුව බන්ධනාගාර නිලධාරීන් විසින් ඔවුන් තිදෙනාම බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබුණි.
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් ඔවුන්ට අධිකරණය ඇප මත මුදාහැරීමට නියෝග කළද, ඇප කොන්දේසි සපුරාලීමේ අපහසුතාව හේතුවෙනි මේ තත්වය.