පළාත් පාලන ආයතනවල බලය අනීතිකව ඩැහැ ගැනීම සඳහා නාමල් රාජපක්ෂ, සජිත් ප්‍රේමදාස ඇතුළු අශුද්ධ හවුල ගෙන ගිය කුමන්ත්‍රණ පරාජයට වීම සම්බන්ධයෙන් පවතින වේදනාව තේරුම් ගත හැකි යැයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ කෞෂල්‍යා ආරියරත්න පැවසුවාය.

ඊයේ (18) පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රීවරිය අවධාරණය කළේ බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරිය පනතට අනුකූලව ක්‍රියා කර ඇති බවයි. ඇය වැඩි දුරටත් සඳහන් කළ කරුණු ඇතුලත් වීඩියෝව පහත දැක්වේ.