කොළඹ පුරපතිනි ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය අද (18) එම ධුරයේ වැඩ ආරම්භ කර ඇත. ජාතික ජන බలවේගයේ ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනිය ලෙස පෙරේදා (16) දින බහුතර මන්ත්‍රීවරුන්ගේ මනාපයෙන් තේරී පත්වූවාය.

2025 පළාත් පාලන මැතිවරණයේදී වැඩි අවධානයක් යොමු වූ අපේක්ෂිකාවක් වූ ඇය, නගරාධිපති තෝරාපත් කර ගැනීම සඳහා පැවැත්වූ රහස් ඡන්දයෙන් ඡන්ද 61ක් දිනා ගනිමින් කොළඹ 26 වන පුරපතිනිය බවට පත්වුණි. ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය කොළඹ මහ නගර සභාවේ දෙවන පුරපතිනිය ලෙස ඉතිහාසයට එක්වන අතර, රෝසි සේනානායක මහත්මිය කොළඹ නගර සභාවේ පළමු නගරාධිපතිනිය ලෙස කටයුතු කර ඇත.