කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරයා තෝරා ගැනීමේ නිල ක්‍රියාවලියට මූලිකත්වය දුන් බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරියට බලපෑම් සිදු කිරීම සඳහා සමගි ජන බලවේගය ඇතුළු හවුල කූට ලේඛනයක් සකස් කර තිබිණි.

ජාතික ජන බලවේගයට විරුද්ධ පිලෙහි සභිකයින් 60 දෙනෙකුගේ අත්සනින් යුක්ත ලේඛනයක් මගින් විවෘත ඡන්දයක් පවත්වන ලෙස එම කොමසාරිස්වරියට බලපෑම් කර තිබිණි. කිසිදු වලංගුභාවයක් නොමැති එවැනි අත්සන් සහිත ලේඛනයක් තිබෙන්නේ යැයි සුන්බුන් පක්ෂවල එකතුව වෙනුවෙන් පෙනී සිටි සභිකයින් කිහිප දෙනෙකු පුන පුනා කියා සිටිනු නිරීක්ෂණය විය.

නමුත් ඡන්ද විමසීමේ දී හෙළි වූයේ එම පිරිසට ඡන්ද 54ක් පමණක් තිබූ බව ය. පළාත් පාලන කොමසාරිස්වරියට අනීතික කූට ලේඛනයක් මගින් බලපෑම් කිරීමට උත්සාහ කිරීම පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බව නීතිඥවරු පෙන්වා දෙති.