පසුගිය 12 වෙනි දින සිට මේ දක්වා (ජූනි 16 දිනය නිමා වන තෙක්) පළාත් පාලන කොමසාරිස්වරුන්ගේ මැදිහත් වීමෙන් බලය පිහිටවූ ආයතන 23කින් 18ක් ම ජාතික ජන බලවේගයට හිමි වී තිබේ.

බණ්ඩාරවෙල නගර සභාව සහ ඌව පරණගම ප්‍රාදේශීය සභාවෙන් එම රැල්ල ආරම්භ වූ අතර, ඒ වනවිට මාලිමාවට එරෙහිව විපක්ෂයේ සියලු පක්ෂ රහසිගත එකඟතාවලට එළඹී තිබිණි.

එම රහසිගත එකඟතාවලින් ජයග්‍රහණය කළ නොහැකි බව තේරුම් ගත් සුන්බුන් විපක්ෂයේ සියළු දෙනා එක් වී එළිපිට ම පෙළ ගැසුණු බව මාධ්‍ය හමුවක් පවත්වමින් නිල වශයෙන් ම ප්‍රකාශ කරන ලදී. ඉන් පසු ඔවුන්ගේ පරාජය තවත් තීව්‍ර වූ අතර පළාත් පාලන ආයතන 23කින් 18ක බලය හිමිකර ගැනීමට මාලිමාව සමත් විය.