සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පසුගිය දින ගණනාවක් පුරා දැඩි නිහඬතාවයක සිටි අතර, කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන එම පක්ෂයේ ප්‍රබලයන් සිව් දෙනෙකු ද නිහඬතාවයක ගිල්ලා ඇතැයි වාර්තා වේ.
එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය හර්ෂ ද සිල්වා, එස්. එම්. මරික්කාර්, හිරුනිකා ප්‍රේමචන්ද්‍ර සහ එරාන් වික්‍රමරත්න යන සිව් දෙනා නිහඬ කර තබා තිබේ. කොළඹ මහ නගර සභාවේ බලය ලබා ගැනීමට සජිත් ප්‍රේමදාස දරන ලද පිළිකුල් සහගත උත්සාහය සම්බන්ධයෙන් මොවුන් දැඩි විවේචනයක සිටි බව හෙළි වී තිබිණි.
එම පක්ෂය වෙනුවෙන් පසුගිය දිනවල මාධ්‍ය ඉදිරියේ වැඩි වැඩියෙන් පෙනී සිටියේ මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා පමණි.