කිරි ගවයන් ආනයනය කිරීමේ දී රුපියල් කෝටි 211ක මුදලක් කොල්ල කන ලද දේශපාලන ප්‍රබලයන් පිළිබඳව අනාවරණය වෙමින් පවතී.
ග්‍රාමීය ආර්ථික සංවර්ධන අමාත්‍යංශය පැවති කාලයේ කිරි ගවයන් 15,000ක් ආනයනය කරන මුවාවෙන් මෙම මහජන මුදල් මංකොල්ලය සිදු කර තිබේ. මේ පිළිබඳව විගණන වාර්තාවකින් තොරතුරු හෙළි කර ඇති අතර, ඒ මත පදනම් ව අදාළ අපරාධකරුවන් හඹා යාම ආරම්භ කර ඇතැයි වාර්තා වේ.