පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී මැදමූලන කොට්ඨාසය පවා දිනා ගත නොහැකි වූ රාජපක්ෂ පවුලේ දේශපාලනය මේ වනවිට රනිල් සහ සජිත් ඉදිරියේ යටපත් වී යාමේ දරුණු කුණාටුවකට හසුවී ඇත.
පොහොට්ටු පක්ෂය පළාත් පාලන මැතිවරණයෙන් පසුව රනිල් වික්‍රමසිංහ සමඟ මෙන් ම, සජිත් ප්‍රේමදාස සමඟ වෙන් වෙන්ව සාකච්ඡා කරනු ලැබීය. එම සාකච්ඡා අතරතුර නාමල් රාජපක්ෂ සහ පොහොට්ටු පක්ෂයේ මහ ලේකම් සාගර කාරියවසම් එකිනෙකට පරස්පර විරෝධී ප්‍රකාශ කරනු ලැබීය.
ඒ අතර, සජිත් පිල සහ රනිල් පිල අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම නිසා නාමල් රාජපක්ෂ ඇතුළු පොහොට්ටු පක්ෂය සම්පූර්ණයෙන් ම අතරමං වී ඇතැයි මේ වනවිටත් පැහැදිලි වී තිබේ. මුලදී සාකච්ඡා පැවැත්වූ ආකාරයට, එම පාර්ශව තුන අතර සම මට්ටමක හවුලක් නිර්මාණය වෙනු ඇතැයි අනුමානයක් පැවතිය ද මේ වනවිට රාජපක්ෂලා සහමුලින්ම අත්හැර දමා ඇති බව වාර්තා වේ.