ශ්‍රී ලාංකීය තරුණ තරුණියන් සඳහා විදේශ රැකියා අවස්ථා පුළුල් කිරීම පිළිබඳ ඒකාබද්ධ වැඩපිළිවෙළක් සකස් කිරීම වෙනුවෙන් තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා  සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හා විදේශ රැකියා නියුක්ති කාර්යාංශය ආයතන අතර සාකච්ඡාවක් තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ දී අද සිදුවිය. 

මෙම සාකච්ඡාවේදී වෘත්තීය පුහුණු පාඨමාලාවල ගුණාත්මකභාවය ඉහල නැංවීම, එම වෘත්තීය පුහුණු පාඨමාලා දෙස් විදෙස් රැකියා ඉලක්කගත කරමින් නිර්මාණය කිරීම, වෘත්තීය පුහුණුව ලබාදෙන ආයතන ආයතන වල කාර්යභාරයන් නිශ්චය කර ගැනීම, මෙරට රාජ්‍ය හා පුද්ගලික වෘත්තීය පුහුණු ආයතන වලින් අධ්‍යාපනය හදාරා නික්ම යන සිසුන් ඉන්පසු රැකියා වෙළඳපොළේ ස්ථානගත වීම පිළිබඳ පසු විපරම් කිරීම ආදි කරුණු පිළිබඳව සාකච්ඡා කෙරුණි.  

මෙම කරුණු පිළිබඳව පුළුල් පර්යේෂණයක් සිදු කිරීමටත්, එමෙන්ම මීට අදාලව කැබිනට් පත්‍රිකාවක් සකස් කිරීම පිළිබඳවත්  සාකච්ඡා විය. 

ඊට අවශ්‍ය කටයුතු කඩිනමින් සිදු කිරීමට අදාල කටයුතු සැලසුම් කරන ලෙස නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා  අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.