පළාත් පාලන මැතිවරණයෙන් පසුව සමගි ජන බලවේගය තුළ ඇති වී තිබෙන අභ්‍යන්තර ගැටුම් හේතුවෙන් ආණ්ඩුවට එරෙහි සියලු පක්ෂ එකතු කිරීමේ නායකත්වය දයාසිරි ජයසේකර මහතා භාරගෙන ඇති බව තොරතුරු හෙළිවී තිබේ.

පළාත් පාලන ආයතනවල බලය ස්ථාපිත කිරීම සඳහා ජාතික ජන බලවේගය හැර අනෙකුත් සියලු පක්ෂ එක්විය යුතු බවට සමගි ජන බලවේගයේ ප්‍රබල පිරිසක් ප්‍රසිද්ධියේ අදහස් දක්වා ඇත. කෙසේ වෙතත්, මෙම ස්ථාවරයට විරුද්ධව දිස්ත්‍රික් සංවිධායකවරුන් පවා පක්ෂයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

මෙම තත්ත්වය හමුවේ සජිත් ප්‍රේමදාස මහතා නිහඬතාවයක් රැක ගන්නා අතර, එක්සත් ජාතික පක්ෂයේ සාගල රත්නායක, රුවන් විජේවර්ධන ඇතුළු කණ්ඩායමක් සමඟ දයාසිරි ජයසේකර මහතා ද විපක්ෂ බලවේග ඒකරාශී කිරීමේ ව්‍යායාමයේ පෙරගමන්කරුවන් ලෙස කටයුතු කරමින් සිටිති.