ආබාධිත මගී ජනතාව වෙනුවෙන් නිර්බාධිත ප්‍රවාහන සේවයක් අත්‍යවශ්‍ය යැයි ප්‍රථම දෘෂ්‍යාබාධිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වන සුදත් වසන්ත ද සිල්වා පවසයි.
ඔහු මේ බව පැවසූවේ ශ්‍රව්‍යාබාධිත, දෘශ්‍යාබාධිත ආදි විශේෂ අවශ්‍යතා සහිත මගී ජනතාවගේ පහසුව වෙනුවෙන්, ඔවුන්ට ද පොදු ප්‍රවාහනය වෙත ප්‍රවේශ වීමේ හැකියාව ලබාදීමත්, පොදු ප්‍රවාහනය තුළ කාන්තා ආරක්ෂාව තහවුරු කිරීමත් අරමුණුකර, මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගනිමින් අන්තර්කරණ සහය මධ්‍යස්ථානයක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිණි.
“ආබාධිත ජනතාවට පොදු ප්‍රවාහනයේ විශාල ගැටලු තිබෙනවා. පොදු ප්‍රවාහනය ලක්ෂ සංඛ්‍යාත වූ ආබාධිත ප්‍රජාවට ප්‍රවේශාත්මක නැහැ. ඒ නිසා, ප්‍රධාන මානවීය අයිතියක්වන සංචරණීය අයිතිය පවා අපට අහිමිවෙලා තිබුණා. නිවෙස්වලට කොටුවෙලා ඉතාමත් ලතැවුලෙන් ජීවත්විමට සිදුවුණා. මේ තත්ත්වය වෙනස්කර නිර්බාධිත ප්‍රවාහන පද්ධතියක් ස්ථාපිත කරන්නට ජාතික ජන බලවේගය මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. එහි එක් පියවරක් තමයි අද මේ සිදු කරන්නේ. හෙට දවසේ මෙය තවත් සංවර්ධනය වී, නිර්බාධිත ප්‍රවාහන පද්ධතියක් නිර්මාණය කර ආබාධිත ජනතාවට පොදු ප්‍රවාහනය බුක්තිවිඳීමේ පහසුකම් සළස්වන්නට හැකිවේවි. එමගින් ආබාධිත පිරිස් වලට රටේ සංවර්ධනයට දායකවීමේ හැකියාව ද හිමිවන බව පැහැදිළියි ” යැයි පැවසීය.
මෙම අවස්ථාවට, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද ලලිත්, ශ්‍රී ලංකා ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ ව්‍යාපාති විශේසඥ නාමල් රලපනාව, ජාතික ගමනාගමන කොමිසන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නයෝමි ජයවර්ධන, අධ්‍යක්ෂ – ධාවන ෂෙරීන් අතුකෝරල බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ කළමනාකරු ප්‍රසන්න කුරේ, දෘෂ්‍යාබාධිත ජනතා සම්මේලනයේ ජ්‍යේෂඨ උපසභාපති රත්නපාල ලියනගේ, ශ්‍රී ලංකා මධ්‍යම බිහිරි සංගමයේ සභාපති බ්‍රයන් සුසන්ත, යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් සහභාගී විය.
පසුගිය 11 වනදා පෙරවරුවේ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන පරිශ්‍රයේ මෙම විශේෂ ස්ථාපිත කිරීම මගින් හදිසි දැනුම්දීමේ අංකයක්, ශ්‍රව්‍යාබාධිත මගීන්ට සන්නිවේදන පහසුවක් මෙන්ම තොරතුරු දැනගැනීමේ පහසුව වැනි සේවාවන් රැසක් මගී ජනතාවට හිමි වේ. මෙහි විශේෂත්වය වන්නේ මෙම උපකාරක කවුලුවේ (Help Desk) සේවය සඳහා විශේෂ අවශ්‍යතා සහිත සේවක පිරිස්ම යොදවා තිබීමයි. මෙම අවස්ථාවට සමගාමීව, මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ වෙබ් අඩවිය එළිදැක්වීම ද සිදු කරන ලදී.

