හිටපු ඇමති මර්වින් සිල්වා ලබන 24 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.
පසුගිය 05 වනදා සන්ධ්‍යා කාලයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් අතර ඔහු අද (17) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණි.
මෙම නියෝගය ලබාදී ඇතැයි සඳහන් වන්නේ ඔහු අද මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවය.
මර්වින් සිල්වා ඇතුළු සැකකරුවන්ට චෝදනා එල්ල වී ඇත්තේ ව්‍යාජ ඔප්පු සකස්කර රජයේ ඉඩමක් පෞද්ගලික අංශයට විකිණීමේ චෝදනාව මතය.