කර්මාන්ත අංශයේ තාක්ෂණික, වෙළෙඳ, නිපුණතා හා පාරිසරික ආදී ක්ෂේත්‍රයන්ට අදාළ කාලීන අවශ්‍යතා සපුරාලීම සඳහා 1990 අංක 46 දරන කර්මාන්ත ප්‍රවර්ධන පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.
දැනට පවතින කර්මාන්ත ප්‍රවර්ධන පනතේ ප්‍රතිපාදන වර්තමාන අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් නොවන බව හඳුනාගෙන ඇති අතර, ඒ අනුව පසුගිය මාර්තු 08 වැනි දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම පනත සංශෝධනය කිරීමට අනුමැතිය ලැබී තිබේ.
නීති කෙටුම්පත් සම්පාදක විසින් මේ වන විටත් එම පනත සංශෝධනය කිරීමේ කටයුතු ආරම්භ කර ඇති අතර, සංශෝධන කාර්යය සඳහා වත්මන් අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය එකඟතාවය අවශ්‍ය බව නීති කෙටුම්පත් සම්පාදක විසින් පෙන්වා දී තිබේ.
ඒ අනුව, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව සැලකිල්ලට ගෙන, එම පනත් කෙටුම්පත සකස් කිරීමේ කාර්යය කඩිනමින් නිම කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දීමට තීරණය කර ඇත.