මර්වින් සිල්වා විසින් රාජපක්ෂ පාලන සමයේ සිදුවූ එහෙත් යටපත් කරන ලද විවිධ අපරාධ පිළිබඳව කරුණු අනාවරණය කර ඇති බවට වාර්තා පළවෙමින් තිබේ.
මාධ්‍යවේදීන් අතර දැනට මේ සම්බන්ධයෙන් විවිධ කරුණු සාකච්ඡාවට භාජනය වෙමින් පවතී. පුද්ගලයින් පැහැරගෙන යාම, වධහිංසා පැමිණවීම, ඝාතනය කිරීම මෙන්ම අමාත්‍යවරුන් විසින් රජයේ ඉඩම් අයථා ලෙස පවරා ගැනීම පිළිබඳව හෙළිදරව් කර ඇති බව සඳහන් වේ. මීට අමතරව, ව්‍යාජ ඔප්පු සකස් කරමින් රජයේ ඉඩම් විශාල වශයෙන් අලෙවි කළ ජාවාරම් ද මේ අතර ඇති බව වාර්තාවල දැක්වේ.
මර්වින් සිල්වා රාජපක්ෂ පාලන සමයේදී පවුලේ ඉතා සමීප බලවතෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකි.