මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට තීරණය කර ඇති බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර තිබේ. ඒ අනුව ජාතික වෙසක් සතිය මැයි 10 සිට 16 දක්වා ක්‍රියාත්මක වන බව අමාත්‍යාංශය සඳහන් කරයි.
“භජේථ මිත්තේ කල්‍යාණේ” හෙවත් “යහපත් මිතුරන් ඇසුරු කරන්න” යන තේමාව යටතේ මෙවර රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වීමට නියමිතය. මේ සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකදී අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා අවධාරණය කර ඇත්තේ, සියලු ජනවර්ගයන්ගේ සහභාගීත්වයෙන් බෞද්ධ ප්‍රබෝධය ජනිත කරවන අයුරින් මෙම උත්සවය සංවිධානය කළ යුතු බවයි.
සාකච්ඡාවේදී තවදුරටත් යෝජනා වූයේ රාජ්‍ය වෙසක් දින සැමරුම් උත්සවය වෙසක් පුන් පොහෝ දිනට යෙදෙන මැයි 12 වන දින නුවරඑළියේදී පැවැත්වීමටය.