රට තුළ ඉන්ධන හිඟයක් නොමැති බවත්, බෙදා හැරීම සුපුරුදු පරිදි අඛණ්ඩව සිදුවන බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ රාජකරුණා මහතා සහතික කර සිටී.

ඛනිජ තෙල් බෙදාහරින්නන් සඳහා ලබා දෙන 3%ක කොමිස් මුදලක් අත්හිටුවීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ගත් තීරණයෙන් පසුව ඛනිජ තෙල් අලෙවිකරුවන් ඉන්ධන බෙදාහැරීමෙන් ඉවත් වන බව සඳහන් කර තිබිණි.

කෙසේ වෙතත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ රාජකරුණා සඳහන් කරන්නේ කිසිදු ඉන්ධන හිඟයක් ඇති නොවන බවයි.