සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ සෞඛ්‍ය, පෝෂණය සහ ජනගහනය පිළිබඳ කළමනාකරු වෛද්‍ය Feng Zhao අතර හමුවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්විණි.
මෙම හමුවේදී, ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාවේ වත්මන් තත්ත්වය, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉදිරි සංවර්ධනය සඳහා ලෝක බැංකුවෙන් මෙතෙක් ලබා දුන් සහ ඉදිරියට ලබාදෙන සහාය පිළිබඳව ගැඹුරු සාකච්ඡාවක් පැවැත්විණි.
අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා, රජය ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ මගින් ජනතාවට ගුණාත්මක, විශිෂ්ට සෞඛ්‍ය සේවාවක් අඛණ්ඩව සැපයීමට යොදනු ලබන උත්සාහයන් පිළිබඳව වෛද්‍ය Feng Zhao සහ නියෝජිතයින් දැනුවත් කළේය. මීට අමතරව, ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම සඳහා නව රජය ගෙන යන විශේෂ වැඩපිළිවෙළ පිළිබඳවද ඔහු පැහැදිලි කරනු ලැබීය.