විදුලිය විසන්ධි වීමට ප්‍රධානතම හේතුව සූර්ය බල විදුලි උත්පාදනය ඉහළ නොදැමීම සහ අඩු විදුලි ඉල්ලුමක් ඇති කාල වේලාවන් කළමනාකරණය කිරීමේ දුර්වලතා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඒ සිය X ගිණුමෙහි සටහනක් තබමින්. පසුගියදා දිවයින පුරා සිදු වූ හදිසි විදුලි බිඳ වැටීමට සැබෑ හේතුව කුමක් ද යන්න හඳුනා ගැනීමට වත්මන් ආණ්ඩුව පියවර ගෙන නොමැති බව විපක්ෂ නායක වරයා කියා සිටියා. ඔහු කියා සිටින්නේ විදුලිය විසන්ධි වීම සම්බන්ධයෙන් පළමුව වඳුරෙකුට දෝෂාරෝපණය කළ ආණ්ඩුව ඉන්පසුව පසුගිය ආණ්ඩුවලට දෝෂාරෝපණ එල්ල කිරීම සිදුකරන බවයි
Recent Posts
- “සුබදායී දේ පතමු; නරකම දේට සූදානම් වෙමු” – ජනාධිපතිගෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්
- ශ්‍රී ලංකාව සහ රුමේනියාව අතර සබඳතා අලුත් මාවතකට; විදේශ ඇමතිවරුන්ගෙන් ඒකාබද්ධ මාධ්‍ය හමුවක්
- ලක්ෂ 10ක ශ්‍රී ලාංකිකයින් ගැන රජයේ අවධානය; ලාංකිකයින්ගේ ආරක්ෂාවට තානාපති කාර්යාල පැය 24 පුරාම විවෘතයි
- බලපත්‍ර නැතිව තෙල් රැස් කිරීම අවදානම්: ඊයේ කිහිප දෙනෙකු අත්අඩංගුවට
- ඉතාලියේ ශ්‍රී ලාංකික බර වාහන රියදුරන්ගේ බලපත්‍ර ගැටලුව ඇමති බිමල්ගේ අවධානයට