මත්ද්‍රව්‍ය භාවිත කිරීමේ චෝදනා මත පසුගිය මාස හතරක කාලය තුළ පොලිස් නිලධාරීන් 17 දෙනෙකු සේවයෙන් පහ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.බී. මනතුංග පවසනවා. ඒ අද (11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. පොලීසිය තුළ මත්ද්‍රව්‍ය භාවිතා කරන පුද්ගලයින් සම්බන්ධයෙන් බුද්ධි අංශ හරහා සහ විශේෂ කාර්යාංශය හරහා අධීක්ෂණයට ලක් කරන බවත් ඔහු කියා සිටියා. ඒ අනුව එලෙස හඳුනාගත් ලැයිස්තුවක් පොලිස්පතිවරයා විසින් සියලුම කොට්ඨාස භාර නිලධාරීන් සහ ස්ථානාධිපතිවරුන් වෙත යොමු කර තිබෙනවා. ඔවුන් වෛද්‍ය පරික්ෂණයට යොමුකර, ඔවුන් මත්ද්‍රව්‍ය භාවිතා කිරීමක් සිදුකර ඇති බවට අනාවරණය වන්නේ නම් ඉවත් කිරීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කරණවා.
Check latest article from this author !
Previous Post
CID විමර්ශන කඩිනම් කරන්න අලුත් විමර්ශන කොට්ඨාසයක්
Next Post
ආණ්ඩුව දුර්වලයි ! ඒකයි ලයිට් කපන්නේ…
Recent Posts
- “සුබදායී දේ පතමු; නරකම දේට සූදානම් වෙමු” – ජනාධිපතිගෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්
- ශ්‍රී ලංකාව සහ රුමේනියාව අතර සබඳතා අලුත් මාවතකට; විදේශ ඇමතිවරුන්ගෙන් ඒකාබද්ධ මාධ්‍ය හමුවක්
- ලක්ෂ 10ක ශ්‍රී ලාංකිකයින් ගැන රජයේ අවධානය; ලාංකිකයින්ගේ ආරක්ෂාවට තානාපති කාර්යාල පැය 24 පුරාම විවෘතයි
- බලපත්‍ර නැතිව තෙල් රැස් කිරීම අවදානම්: ඊයේ කිහිප දෙනෙකු අත්අඩංගුවට
- ඉතාලියේ ශ්‍රී ලාංකික බර වාහන රියදුරන්ගේ බලපත්‍ර ගැටලුව ඇමති බිමල්ගේ අවධානයට