මත්ද්‍රව්‍ය භාවිත කිරීමේ චෝදනා මත පසුගිය මාස හතරක කාලය තුළ පොලිස් නිලධාරීන් 17 දෙනෙකු සේවයෙන් පහ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ.බී. මනතුංග පවසනවා. ඒ අද (11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. පොලීසිය තුළ මත්ද්‍රව්‍ය භාවිතා කරන පුද්ගලයින් සම්බන්ධයෙන් බුද්ධි අංශ හරහා සහ විශේෂ කාර්යාංශය හරහා අධීක්ෂණයට ලක් කරන බවත් ඔහු කියා සිටියා. ඒ අනුව එලෙස හඳුනාගත් ලැයිස්තුවක් පොලිස්පතිවරයා විසින් සියලුම කොට්ඨාස භාර නිලධාරීන් සහ ස්ථානාධිපතිවරුන් වෙත යොමු කර තිබෙනවා. ඔවුන් වෛද්‍ය පරික්ෂණයට යොමුකර, ඔවුන් මත්ද්‍රව්‍ය භාවිතා කිරීමක් සිදුකර ඇති බවට අනාවරණය වන්නේ නම් ඉවත් කිරීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කරණවා.
Check latest article from this author !
සංචාරක අධිකාරියේ රක්ෂණ වංචාව: ප්‍රසන්නගේ නඩුව 23 වනදාට කල් යයි
January 17, 2026
Previous Post
CID විමර්ශන කඩිනම් කරන්න අලුත් විමර්ශන කොට්ඨාසයක්
Next Post
ආණ්ඩුව දුර්වලයි ! ඒකයි ලයිට් කපන්නේ…
Recent Posts
- විරෝධතා මැද වුවත් ළමා ආරක්ෂණ රාමුවක් තුළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරනවා – අග්‍රාමාත්‍යවරිය
- නුවරඑළිය ගොඩනගන්න බදුල්ලෙන් 5,000ක ශ්‍රම බලකායක්; ‘අධිෂ්ඨානයේ ශ්‍රම මෙහෙයුම’ ඇරඹෙයි
- සංචාරක අධිකාරියේ රක්ෂණ වංචාව: ප්‍රසන්නගේ නඩුව 23 වනදාට කල් යයි
- පුරාවස්තු හෝ ආගමික ස්ථාන මුල්කරගෙන ජාතිවාදය අවුළුවන්න ඉඩ දෙන්නේ නෑ – යාපනයේදී ජනාධිපති අවධාරණය කරයි
- ඩුබායිහි සැඟව සිටි අපරාධකරුවන් දෙදෙනෙකු සහ කාන්තාවක් රතු නිවේදන මත දිවයිනට රැගෙන එයි