අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ඇති නොයෙකුත් විමර්ශන සඳහා නව විමර්ශන කොට්ඨාසයක් ඇති කිරීමට පොලීසිය කටයුතු කර තිබෙනවා. ඒ අනුව මෙතෙක් කල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වූ ඇතැම් විමර්ශන අලුතින් පිහිටුවන ලද අපරාධ විමර්ශන දිශාව යන අලුත් ඒකකයක් යටතේ ක්‍රියාත්මක වනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුව විමර්ශනය කරනු ලබන අපරාධ, විමර්ශන ගොනු, විමර්ශන සිදුවීම් විශාල වශයෙන් ඇති බවත් එම විමර්ශනයන් සඳහා යම් කාලයක් ගතවනු ඇති බැවින් ඒ සඳහා ගතවන කාලය අවම කර ගැනීමටත් කාර්යක්ෂම ව ක්‍රියාත්මක කරගැනීම මෙහි අරමුණයි. පසුගිය කාලයේදී සිදුවූ මූල්‍යමය අපරාධ, රාජ්‍ය මුදල්, රාජ්‍ය දේපල අවභාවිතාව නොයොකුත් වංචනික ක්‍රියාවන් විමර්ශන කඩිනම්ව ක්‍රියාත්මක කිරීම සඳහා ද මෙම ඒකකය ක්‍රියාත්මක බව සඳහන්.
මෙහි ඇති පළමු කාරණය ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ පරීක්ෂණ සහ මූල්‍ය පරීක්ෂණ විමර්ශන යනුවෙන් නව තනතුරක් ක්‍රියාත්මක කිරීමටද පොලීසිය තීරණය කර තිබෙනවා. ඒ අනුව මෙතෙක් කල් නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු යටතේ ක්‍රියාත්මක වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහා ඊට ඉහළින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු පත් කර ඇති අතර ඔහු යටතේ මූල්‍ය අපරාධ විමර්ශන දිශාව වශයෙන් නව දිශාවක් ද ආරම්භ වනවා.
ඒ යටතේ මූල්‍ය අපරාධ කොට්ඨාසය සහ නීතිවිරොධී වත්කම් විමර්ශන කොට්ඨාසය වශයෙන් කොට්ඨාස දෙකක් නැවත ප්‍රතිසංවධානය කෙරෙනවා. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වූ මූල්‍ය අපරාධ විමර්ශන මින් ඉදිරියට පිටුවන ලද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය යටතට පත් වෙවනවා. නීතිවිරොධී වත්කම් විමර්ශන කොට්ඨාසයක්, මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයක්, මූල්‍ය හා අපරාධ විමර්ශන අංශයක්, පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයක්, තැනැත්තන් වෙළෙඳාම සහ සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසයක්, අපරාධ හා අපරාධ බුද්ධි විශ්ලේෂණ අංශයක් ලෙස අංශ 6ක් මේ යටතේ ක්‍රියාත්මකයි.