ජල ගාස්තුව 10%ත් 30%ත් අතර ප්‍රතිශතයකින් අඩුකිරීමට පියවර ගන්නා බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
විදුලි ගාස්තුව අඩුවීමට සාපේක්ෂව ජල ගාස්තු අඩු කිරීමට සැළසුම් කරමින් සිටින බවත් ජල ගාස්තු අඩුකිරීම පිළිබඳ සොයා බැලීම සඳහා කමිටුවක්ද පත්කර ඇති බවත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ උසස් නිලධාරියෙකු පැවසීය.
ජල බිල අඩුකිරීම සඳහා පත්කළ කමිටුවේ වාර්තාව ඉදිරි දින කිහිපය ඇතුළත ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති වෙත භාරදීමට නියමිත බවත් එම වාර්තාව විෂයභාර ඇමති වෙත භාරදීමෙන් අනතුරුව අදාළ යෝජනා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් ඔහු වැඩිදුරටත් පවසයි.