යුද්ධය පැවති සමයේ හඳුන්වා දෙන ලද ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර අහෝසි කිරීමට පියවර ගන්නා බව හෙළිකර තිබේ.

ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික එයාර්වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා අද (29) මාධ්‍ය හමුවේ මේ බව ප්‍රකාශ කර තිබේ.

ඔහු වැඩි දුරටත් සඳහන් කර තිබෙන්නේ එම ධුරය අහෝසි කිරීමට අදාළව ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ය.