පසුගිය කාලයේ යට ගසා තිබූ ආන්දෝලනාත්මක අපරාධ 11 පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුවේ කඩිනම් අවධානය යොමු කර ඇති බව වාර්තා වේ.

එම අපරාධ අතර මූල්‍ය අපරාධ මෙන් ම, ආන්දෝලනාත්මක මනුෂ්‍ය ඝාතන රැසක් ද පවතින බව පසුගිය සති අන්තයේ පුවත්පත්වලින් හෙළිකර තිබිණි.

විශේෂයෙන් ම, රග්බි ක්‍රීඩක වසීම් තාජුඩීන් මෝටර් රථයක් තුළ අභිරහස් ලෙස ඝාතනය කර තිබීම සම්බන්ධයෙන් පවතින සාක්ෂි සියල්ල සම්පින්ඩනය කර ඇති බවත්, කුප්‍රකට ක්‍රිස් ගනුදෙනුව සම්බන්ධයෙන් මහාධිකරණය ඉදිරියේ අධිචෝදනා පැවරීමට නියමිත බවත් හෙළි වී තිබේ.