නීත්‍යානුකූල බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිත ආයතන මගින් මෙම වසරේදී 340,000කට පමණ විදේශ රැකියා ලබාදීමේ සැලසුමක් පවතින බව හෙළිකර තිබේ.

ශ්‍රී ලංකා විදේශ සේවා කාර්යංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මේ බව ප්‍රකාශ කර ඇත. රජයේ ඉලක්කය වෙනුවෙන් ක්‍රියා කිරීම සඳහා විදේශ රැකියා නියෝජිත ආයතන දැනුවත් කිරීමේ වැඩ සටහකට එක් වෙමින් ඊයේ (23) ඔහු මේ බව හෙළිකර ඇත. නව විදේශ රැකියා නියෝජිත ආයතන ලියාපදිංචි කිරීම ද මේ වනවිට සිදුකර ඇති බව එම හමුවේදී පෙන්වා දී තිබේ.

මුදලට නොව මනුෂ්‍යත්වයට මුල් තැන දෙමින් වංචනික ක්‍රියාවලට කිසිසේත් ඉඩ නොදී මෙම ක්ෂේත්‍රයේ ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යන ලෙස සභාපතිවරයා එම නියෝජිත ආයතන හිමිකරුවන්ට දැනුම්දී ඇති බව ද වාර්තා වේ.