සමඟි ජන බලවේගයේ කාන්තා නායිකාවන් අතුරින් මුලින් ම සිටින හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සජිත් ප්‍රේමදාස වෙත ප්‍රසිද්ධ අනතුරු ඇඟවීමක් කර ඇත.

ඊයේ (12) කඩුවෙල දී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්, ඇය ප්‍රකාශ කර ඇත්තේ, සජිත් ප්‍රේමදාසගේ දුර්වලතා ඉක්මනින් නිවැරැදි කර නොගතහොත්, එම පිලේ විශාල පිරිසක් රනිල් වික්‍රමසිංහ සමඟ එක් වනු ඇති බවයි.

ඇය මෙම අනතුරු ඇඟවීම කරන අතර තමන් එක්සත් ජාතික පක්‍ෂයට සම්බන්ධ නොවන බව ප්‍රකාශ කිරීමටද ප්‍රවේසම්සහගත පියවරක් ගෙන තිබේ.