මේ දක්වා මාර්ග නීති රීති නිසි පරිදි ක්‍රියාත්මක නොකර සිටීමට ඉඩ ලබා දුන් රාජපක්ෂ පාලනය සහ සජිත් රනිල් පාලනය වශයෙන් බලයේ සිටි පුද්ගලයින් එක් පෙරමුණකට පැමිණ වර්තමාන ආණ්ඩුවට තර්ජනය කිරීමට පටන් ගෙන ඇත.

සජිත් ප්‍රේමදාස නායකත්වය දරන සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන ඊයේ (07) ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් පොලිසිය නිසි පරිදි මාර්ග නීති රීති ක්‍රියාත්මක කිරීමට එරෙහිව දීප ව්‍යාප්ත බස් රථ වර්ජනයක් සිදුකරන බව ප්‍රකාශ කර තිබේ. රනිල් වික්‍රමසිංහගේ සමීපතමයෙකු වන බස් ගැමුණු මෙයට පෙර මෙවැනිම තර්ජනයක් කර තිබිණි.

ඒ අතර, නාමල් රාජපක්ෂ මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබෙන්නේ බස් රථවල තිබෙන නීති විරෝධී තොරම්බල් සැරසිලි කර්මාන්තයක් වන බැවින් පවත්වාගෙන යාමට ඉඩ දිය යුතු බව ය. මේ ආකාරයට, සජිත් නාමල් සහ රනිල් යන පරාජිත බලවේග සියල්ල ජනතාව පීඩාවට පත් කිරීමේ ක්‍රියාමාර්ග වෙනුවෙන් එකම පෙරමුණකට පැමිණ සිටිති.

එහෙත්, විචාරකයින් පෙන්වා දෙන්නේ බස් සහ ත්‍රීවීල්වල නීති විරෝධී තොරම්බල් සැරසිලි ඉවත් කිරීමෙන් එම කර්මාන්තයේ ආදායම් කිසිසේත් අඩු නොවන බවත්, පවතින නීති රීති ක්‍රියාත්මක කරමින් මහා මාර්ගවල ගමන් කරන පදිකයන්ගේ සහ බස් මගීන්ගේ ආරක්ෂාව තහවුරු කළ යුතු බවය.