ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබදව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය හා ඒ යටතේ පවතින දෙපාර්තුමේන්තුවල නිලදාරින් දැනුවත් කිරිමේ වැඩසටහනක් අද (07) එම අමාත්‍යාංශයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදි පවත්වා තිබේ.

මෙම දැනුවත් කිරිම ජනාධිපති ජ්‍යේෂ්ඨ අතිරේක ලේකම් ජී.එම්.ඩී.ආර් අපෝන්සු විසින් සිදුකරන ඇත.

ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන ක්‍රියාත්මක කිරිමේදි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය සහ එම අමාත්‍යාංශය යටතේ පවතින දෙපාර්තමේන්තුවල වගකිම ඔහු විසින් පැහැදිලි කර තිබේ.

මෙම අවස්ථාව සදහා මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තුමේන්තුව, ආගමන හා විගමන දෙපාර්තුමේන්තුව, අන්තරායකර ඖෂධ පාලක ජාතික මන්ඩලය, රාජය නොවන සංවිදාන පිළිබද ජාතික ලේකම් කාර්යාලය, ජාතික පොලිස් අභ්‍යාස ආයතනය, පොලිස් විශේෂ කාර්ය බලකාය යන ආයතනවල ජ්‍යේෂ්ඨ නිලධාරීන් සහභාගී වී සිටි බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය අංශය සඳහන් කරයි.