සිවිල් ඇඳුමින් සැරසී බස් රථ තුළ සිටිමින් මාර්ග නීති උල්ලංඝණය කරන රියදුරන් පිළිබඳව නිරීක්ෂණ සිදු කිරීම නවත්වන ලෙස රනිල් වික්‍රමසිංහගේ සමීපතමයෙකු වන ගැමුණු විජේරත්න ආණ්ඩුව තර්ජනය කරමින් පවසා තිබේ.

එසේ නොකළ හොත් බස් රථ වර්ජනයක් කැඳවන බවද ප්‍රකාශ කර ඇති ඔහු, මහා මාර්ගයේ ගමන් කරන ජනතාවගේ සහ බස් මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පනවා ඇති නීති උල්ලංඝනය කිරීමට තව දුරටත් ඉඩ දෙන ලෙසට ඒ මගින් බල කර සිටී. ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ලෙස ඔහු එලෙස බලකිරීම එම බස් හිමියන්ගේ පොදු මතය දැයි ප්‍රශ්නයක් වී තිබේ.

බස් රථ තුළ සවි කර ඇති නීති විරෝධී තොරම්බල් ඉවත් කිරීමෙන් එම බස් රථවල ආදායම පහත වැටීමට හෝ මගීන්ගේ විරෝධයක් ඇතිවීමට කිසිම හේතුවක් නොවන බව නිරීක්ෂකයන් පෙන්වා දී තිබේ. එසේ තිබියදී තව දුරටත් නීති විරෝධීව කටයුතු කිරීමට උත්සාහ කරන ගැමුණු විජේරත්න සඳහන් කර ඇත්තේ පොලිස් නිලධාරීන් නිල ඇඳුමින් සැරසී මාර්ගවල රැඳී සිටිමින් වැරදි නිරීක්ෂණය කළ යුතු බවය.

මේ ආකාරයට පසුගිය ආණ්ඩු කිහිපයක් නිසි පරිදි මාර්ග නීති ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළ ද එම ප්‍රයත්නයන් අසාර්ථක කිරීමට පෞද්ගලික බස් හිමිකරුවන් බලවත් වී තිබිණි. අවසානයේ මොහු එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී ධුර අපේක්ෂකයෙකු ලෙස ද ඉදිරිපත් වී සිටියේ ය.