පසුගිය කාලයේ බස් රථ අනතුරුවලින් මිය ගිය සහ සදාකාලික ආබාධිත තත්වයට පත් වූ බොහෝ දෙනා සම්බන්ධයෙන් පොදු ලක්ෂණයක් වී තිබෙන්නේ වාහනය ලස්සන කිරීම සඳහා අභ්‍යන්තරයේ සවි කර තිබූ අනාරක්ෂිත යකඩ උපාංග මගීන්ගේ ශරීරයේ ඇනීමෙන් බව හෙළි වී තිබේ.
එවැනි අනතුරුවලදී මිය ගිය පුද්ගලයන්ගේ හදිසි මරණ පරීක්ෂණවලදී මෙන්ම, එම අනතුරු සම්බන්ධ පොලිස් පරීක්ෂණවලදී ඒ බව තහවුරු වී තිබිණි. නමුත්, අදාළ විශ්ලේෂණ වාර්තා නිල වශයෙන් එළි දක්වා නොතිබීම නිසා ඒ සම්බන්ධ බරපතළ තත්වය මෙතෙක් සමාජ ගත වී නොතිබිණි. අලුත්ම නිල වාර්තාවලට අනුව පසුගිය වසර 5ක් තුළ රිය අනුතරුවලින් 12,140 දෙනෙකු මිය ගොස් ඇති අතර, එම සංඛ්‍යාව පසුගිය යුද්ධයේදී වසරකට මිය ගිය සංඛ්‍යාවට වඩා වැඩි බවත් පෙන්වා දී තිබේ.
පසුගිය 2024 වර්ෂයේ මාස 11 තුළ දී බස් රථ අනතුරුවලින් පමණක් පුද්ගලයන් 2005 දෙනෙකු මිය ගොස් ඇති බව රථවාහන පොලිසිය නිකුත් කරන ලද නිල වාර්තාවේ සඳහන් වේ. පවතින මෙම බරපතළ තත්වය නිසාම රථ වාහන නීති රීති නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට පසුගිය කාලයේ විවිධ ආණ්ඩු උත්සාහ ගෙන තිබූ අතර, කෙටි කාලයකින් ම එම ප්රයත්නය හකුලාගෙන තිබිණි.