සමගි ජන බලවේගය (ස.ජ.බ) තුළ පවතින අභ්‍යන්තර අර්බුදය හේතුවෙන් පක්ෂයේ ප්‍රධාන නිලතල ගණනාවක් වෙනස් කිරීමට සැලසුම් ක්‍රියාත්මක වන බව වාර්තා වෙයි.
ඒ අනුව, ස.ජ.බ මහලේකම් ධුරය සහ සභාපති ධුරය සඳහා නව චරිත හඳුන්වාදීමට කටයුතු කරන බව සඳහන්. කෙසේ වෙතත්, පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් මෙම යෝජනා සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කර ඇත.
විශේෂයෙන්, ජාතික ලැයිස්තුවට මන්ත්‍රීන් පත් කිරීමේදී පක්ෂ සභාපති ඉම්තියාස් බකීර් මාකර් නොසලකා හැර, කනිෂ්ඨයකු පත් කිරීම මගින් මෙම අර්බුදය තවත් උග්‍ර වී තිබේ.
එසේම, පක්ෂයේ අභ්‍යන්තර කටයුතු මෙහෙයවන තුන්වැනි බලවේගයක සක්රීයත්වය පිළිබඳව ද දැඩි විරෝධයක් පළවන බව වාර්තා වෙයි.
පක්ෂය පිහිටවූ පසු මුහුණදුන් ප්‍රධාන මැතිවරණ 4ම පරාජයට පත්වීම මන්ත්‍රීන්ගේ දැඩි කලකිරීමට හේතු වී ඇතැයි ද කියැවේ.