සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුතු සමගි ජන බලවේගය ගොඩනැගීමේදී පුරෝගාමී විශාල කාර්යභාරයක් ඉටු කළ තලතා අතුකෝරල එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධුරයට පත්කර තිබේ.
පසුගිය ජනාධිපතිවරණය ආසන්න වෙත්ම, තලතා අතුකෝරල සජිත්ගේ පක්ෂය හැර දමා රනිල් සමඟ එකතු වී දැඩි ප්‍රහාරයක් එල්ල කළාය. ඉන් පසු මේ දක්වා ම, සජිත් පිලේ අභ්‍යන්තර ගැටීම් උත්සන්න වෙමින් පවතින වටපිටාවක තලතා අතුකෝරල එම තනතුරට පත් කිරීම දේශපාලන වශයෙන් සජිත් ප්‍රේමදාසට බරපතළ අභියෝගයක් බව මේ වනවිටත් හෙළිවී තිබේ.
ජනවාරි මස මැදදී සමගි ජන බලවේගයේ නායකත්ව මට්ටමේ විශේෂ සංවාදයක් සිදු කිරීමට සැලසුම් කර ඇති වටපිටාවක මෙම පත් කිරීම සිදුකර ඇත. මේ වනවිටත් තිස්ස අත්තනායක ප්රමුඛ පිරිසක් සජිත් ප්‍රේමදාසට එරෙහිව නව ප්‍රහාරාත්මක ප්‍රචාර දියත් කර තිබේ.