මාර්ග නීති කඩ කරමින් සහ අනතුරුදායක ලෙස වාහන පදවන රියැදුරන් පිළිබඳව කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය හඳුන්වා දී තිබෙන ‘’ඊ-ට්‍රැෆික්’ සේවාව සාර්ථක ලෙස ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

එම සේවාව හඳුන්වා දී පැය 24ක කාලයක් තුළ වීඩියෝ පට ඇතුළත් පැමිණිලි 120ක් ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ බුද්ධික මනතුංග ප්‍රකාශ කර ඇත. ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ව්‍යාපෘතියට සමගාමීව පොලිසිය විසින් මෙම ‘ඊ-ට්‍රැෆික්’ පැමිණිලි අංශය විවෘත කර ඇත.

මේ පිළිබඳව වැඩි දුර විස්තර www.police.gov.lk නිල වෙබ් අඩවියෙන් ලබාගෙන අදාළ ‘ඊ-ට්‍රැෆික්’ ඇප් එක භාගත කරගත හැකි ය. මෙම සේවාව ඔස්සේ මෙරට මාර්ග විනය ඇති කිරීම සඳහා දායක වන ලෙස මහජනතාවගෙන් ඉල්ලීම් සිදු කර තිබේ.