අභිනවයෙන් පත් වූ ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය (විශ්‍රාමික) සිය ධුරයේ වැඩ ආරම්භ කර තිබෙනවා.
ඊයේ (01) දින ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා අතින් මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය (විශ්‍රාමික) සිය පත්වීම් ලිපිය ලබා ගත්තා.
ඉන් අනතුරුව ඒ මහතා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්ෂක අමාත්‍යාංශයේ සිය කාර්යාලයේදී නව පත්වීමෙහි රාජකාරී ආරම්භ කළ අතර ජාතික බුද්ධි අංශ ප්‍රධානි ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් රුවන් කුලතුංග විශ්‍රාම ගැනීමෙන් අනතුරුව පුරප්පාඩු වු ජාතික බුද්ධි ප්‍රධානී ධුරය සඳහා මේජර් ජෙනරල් රුවන් වනිගසූරියව (විශ්‍රාමික) මෙලෙස පත්කර තිබෙනවා.