සමගි ජන බලවේගයේ මේ වනවිට හටගෙන තිබෙන අභ්‍යන්තර ගැටුම් ජනවාරි මස මැද පමණ වනවිට තීරණාත්මකව පුපුරා යා හැකි බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
මෙතෙක් කාලයක් සජිත් ප්‍රේමදාස සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ විරෝධය පළ නොකළ හිරුනිකා ප්‍රේමචන්ද්‍ර, ඉමිටියාස් බාකීර් මාකර් පවා තම විරෝධයන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන මට්ටමට පත් වී ඇතැයි වාර්තා වේ. තිස්ස අත්තනායක ද මේ වනවිට ද ප්‍රසිද්ධියේ ප්‍රකාශ නිකුත් කිරීම ආරම්භ කර ඇත.
සජිත් ප්‍රේමදාස තෝරා ගත් සීමිත කල්ලියක් සමඟ පමණක් අදහස් හුවමාරු කර ගනිමින් දේශපාලන කටයුතු මෙහෙයවීමට එරෙහිව නව ගැටුම් නිර්මාණය වී ඇත. ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීවරයෙකු වශයෙන් සුජීව සේනසිංහ පත් කිරීමත් සමඟ ඇති වූ ගැටීම් මේ ආකාරයෙන් පුපුරා යාමට ආසන්න නායකත්ව විරෝධයක් දක්වා උත්සන්න වී ඇතැයි වාර්තා වේ.