සෞඛ්‍ය පහසුකම් ලබාගැනීමේ අයිතිය මූලික අයිතිවාසිකමක් බවට නව ව්‍යවස්ථාව මගින් ප්‍රකාශයට පත් කරන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
එය කඩවන අවස්ථාවක අධිකරණයේ පිහිට පැතීමට පවා ජනතාවට එමගින් හැකි වන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමයේ වාර්ෂික සමාජ සත්කාරක උත්සවය අමතමිනුයි අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව ප්‍රකාශ කළේ.
මහවැලි කේන්ද්‍රයේ පැවති මෙම උත්සවයට එම සංගමයේ ප්‍රධාන අනුශාසක වෛද්‍ය සංජය හෙයියන්තුඩුව, මහාචාර්ය මන්දික විජේරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.
සංගමයේ නිල වෙබ් අඩවිය යාවත්කාලීන කර එළිදැක්වීම හා වකුගඩු රෝගී දරුවන්ට විවිධ ප්‍රධානයන් හා වකගඩු පුවත්පතේ 29 වන කලාපය හා කැලැන්ඩරය එළිදැක්වීම ද මෙහිදී සිදු කෙරුණා.