සමගි ජන බලවේගයේ අභ්‍යන්තර කුළල් කා ගැනීම් අතරට ඊලඟ පරම්පරාව බාර ගැනීමට සිටින දියණියන් දෙදෙනෙකු පිළිබඳ ගැටළුවක් ද අලුත් එක් වී ඇති බව වාර්තා වේ.
ලක්ෂ්මන් කිරිඇල්ලගේ දියණිය මහනුවර දිස්ත්‍රික්කයෙන් ද, රංජිත් මද්දුමබණ්ඩාරගේ දියණිය මොනරාගල දිස්ත්‍රික්කයෙන් ද එම පක්ෂයෙන් දේශපාලනයට ගෙන ඒමේ මූලික කටයුතු මේ වනවිටත් සිදු කර තිබේ. එහෙත් ඒ සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පැරණි දිස්ත්‍රික් සංවිධායකයින් සහ ආසන සංවිධායකයින්ගේ දැඩි විරෝධයක් එල්ල වී තිබේ.
ජනාධිපතිවරණ ප්රචාරක කටයුතු පවතින අතර පවා එම ගැටුම් එළියට පැමිණ ඇත. සජිත් ප්‍රේමදාස සමඟ එක් වූ වසන්ත යාපා බණ්ඩාර මහනුවර රැලියෙන් මුළුමනින් ම කපා හැරීම වෙනත් පැත්තකින් අභ්‍යන්තර ගැටුම් මතුකර ඇත.