මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයන් හය දෙනෙකුගේ සහභාගිත්වයෙන් මුහුණට මුහුණ විවාදයක් ලබන සැප්තැම්බර් මස 07 වන දින පැවැත්වීමට සංවිධානය කර ඇතැයි නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ක්‍රියාකාරීත්වය හෙවත් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි පවසනවා. මෙම විවාදය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජාතික ජන බලවේගය අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාමල් රාජපක්ෂ සර්ව ජන බලය සංවිධානයේ දිලිත් ජයවීර සහ ද්‍රවිඩ අපේක්ෂකයෙකු ලෙස තරග කරන ආරියේන්ද්‍රන් යන ජනාධිපතිවරණ අපේක්ෂකයන් සඳහා මෙම ආරාධනය සිදුකර තිබෙනවා. මෙරට ප්‍රධානතම විද්‍යුත් නාලිකා හතක් සහ සමාජ මාධ්‍ය පිටු දෙසීයක් හරහා මෙම විවාදය සජීවීව ප්‍රදර්ශනය කිරීමට කටයුතු සැලසුම් කර ඇති බවද ඒ පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂකවරයා කියා සිටියා.
Check latest article from this author !
සංචාරක අධිකාරියේ රක්ෂණ වංචාව: ප්‍රසන්නගේ නඩුව 23 වනදාට කල් යයි
January 17, 2026
Recent Posts
- විරෝධතා මැද වුවත් ළමා ආරක්ෂණ රාමුවක් තුළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරනවා – අග්‍රාමාත්‍යවරිය
- නුවරඑළිය ගොඩනගන්න බදුල්ලෙන් 5,000ක ශ්‍රම බලකායක්; ‘අධිෂ්ඨානයේ ශ්‍රම මෙහෙයුම’ ඇරඹෙයි
- සංචාරක අධිකාරියේ රක්ෂණ වංචාව: ප්‍රසන්නගේ නඩුව 23 වනදාට කල් යයි
- පුරාවස්තු හෝ ආගමික ස්ථාන මුල්කරගෙන ජාතිවාදය අවුළුවන්න ඉඩ දෙන්නේ නෑ – යාපනයේදී ජනාධිපති අවධාරණය කරයි
- ඩුබායිහි සැඟව සිටි අපරාධකරුවන් දෙදෙනෙකු සහ කාන්තාවක් රතු නිවේදන මත දිවයිනට රැගෙන එයි