ජාතික ජන බලවේගයේ පාලනයක් තුළ ජාත්‍යන්තර සබඳතා පැවැත්වීමට තරම් සුදුසු පුද්ගලයන් නොමැති බවට ගෙන ගිය ප්‍රචාර සම්පූර්ණයෙන් ම බිඳවැටී තිබේ.
මේ බව මූල්‍ය ක්ෂේත්රයේ දී තහවුරු වූයේ ඊයේ (02දා) ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමඟ පවත්වන ලද මූලික සාකච්ඡාවේ දී ය. එම සාකච්ඡාවට ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක, මහාචාර්ය අනිල් ජයන්ත එමෙන්ම එම උපදේශක, ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති, දුමින්ද හුලංගමුව, ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ඕස්ට්‍රේලියාවේ වරලත් ගණකාධිකාරී, අමරසේන අතුකෝරල, මහාචාර්ය සීතා බණ්ඩාර, වරලත් ගණකාධිකාරී, සුනිල් කුමාර ගමගේ, ආචාර්ය නන්දසිරි කිහිඹියහෙට්ටි, මහාචාර්ය. ඕ. ජී. දයාරත්න බණ්ඩා ශ්‍රී ලංකා නියෝජිත පිරිස අතර වූහ.
මේ අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත මණ්ඩල ප්‍රධානී, පීටර් බෲවර්, ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත, ආචාර්ය සරෝජ් ජහාන්, ආර්ථික විද්‍යාඥ, මානවි අබේවික්‍රම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙනුවෙන් මෙම සාකච්ඡාවට එක් වී සිටියහ.