ඉදිරි දේශපාලන බල පෙරළිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් විචාරකයින් පවසන්නේ, එළඹෙන ජනාධිපතිවරණය සඳහා පොහොට්ටුව සෘජුවම තම පක්ෂයේ අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකිරීමට ඉඩ ඇති බවයි. ඒ වෙනුවට, නව මුහුණුවරකින් යුත් ව්‍යාපාරික හෝ සිවිල් සමාජ පසුබිමක් සහිත චරිතයක් කරළියට ගෙන ඒමටත්, ඉදිරි ජනාධිපතිවරණය මගහැර ඊට සහාය දැක්වීමටත් ඔවුන්ගේ සූදානමක් පවතින බවට තොරතුරු අනාවරණය වී තිබේ.

වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව වසර 5න් 5ට ජනාධිපතිවරණ පැවැත්වුවහොත්, පොහොට්ටුවේ මෙම නව දේශපාලන ව්‍යාපෘතියේ සැබෑ ඉලක්කය 2034 වසර විය හැකි බවට ගණන් බලා ඇත. එළඹෙන 20 වැනිදා පැවැත්වීමට නියමිත සංඝ සම්මේලනයකදී මෙම නව දේශපාලන චරිතය පිළිබඳ යම් ඉඟියක් ලබා දීමට නියමිත බව ද වාර්තා වේ.